දේශීය

නතාෂා ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නටාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

 

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය නිකුත් කළ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

 

ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම්දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත්කර තිබුණි.

Related posts

ජනාධිපතිගේ ආරක්ෂක නිලධාරීන් විනය විරෝධී වැඩක් කරලා

Editor O

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළට

Mohamed Dilsad

දරුවන්ට දරාගත හැකි අධ්‍යාපනයක් දිය යුතුයි -අගමැති

Mohamed Dilsad

Leave a Comment