දේශීයප්‍රමුඛ පුවත 1

දරුවන්ට දරාගත හැකි අධ්‍යාපනයක් දිය යුතුයි -අගමැති

(UTV| මහනුවර) – දරුවන්ට බරක් නැති අධ්‍යාපනයක් සෑදීමේ වගකිම රජය සතු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අද (06) කටුගස්තොට පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද බාලිකා විද්‍යාලය විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ “අතීතයේ පන්සලයි අධ්‍යාපන ආයතනයි තිබුනේ එකට. නමුත් අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කිරීමත් සමඟ පුද්ගලික පාසල් ක්‍රමය ඇති වුනා. ඒ සමඟම විහාරස්ථානවලින් පාසල ඈත් කළා. ඉස්කෝල හැදුවේ දැනුම දෙන්න විතරයි. නමුත් මිනිස් සමාජයක් ශිෂ්ට සම්පන්න වෙන්න නම් නැණ ගුණ දෙකම තියෙන්න ඕනේ. අද පාසල්වලින් බොහෝ දුරට ලැබෙන්නේ නැණ විතරයි. ගුණ ගැන කතා වෙන්නේ නැහැ.

ඒ නිසා විනාඩි 40ක කාලයකින් ගුණ යහපත්කම ගැන දරුවන්ට කියා දෙන්න පුලුවන්කමක් නොමැති බව අගමැතියවරයා පැවසීය.

Related posts

ගුවන් හමුදා නිළධාරීන් 05 ක් නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ අත්අඩංගුවේ

Mohamed Dilsad

අධිවේගී මාර්ගයට කුණු දැමූ පුද්ගලයෙක් අත්අඩංගුවට

Editor O

නවක රාජ්‍ය සේවකයින්ගේ පුහුණුව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment