ගොසිප්

නිරෝධායනයට යැවූ පියුමිගෙන් එල්ල වූ දැඩි විරෝධය [VIDEO]

(UTV | කොළඹ) – කොළඹ තරු පහේ හෝටලයකදී පවත්වන ලද රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන් දින සැමරුම් උත්සවය සඳහා සහභාගිවූ නිරූපන ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු 13 දෙනෙකුගෙන් යුත් පිරිසක් නිරෝධායනයට ලක් කිරීම සඳහා පස්සර ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත අද පස්වරුවේ යොමුකරනු ලැබීය.   

තමන් ඇතුළු පිරිස කොළඹ පිහිටි එක්තරා ප්‍රසිද්ධ හෝටලයක නිරෝධායනය වීම සඳහා අවසර ඉල්ලුවත් ඊට ඉඩ නොලැබුණු බව ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් නිකුත් කරමින් පියුමි හංසමාලි චෝදනා නගා සිටියාය.

මේ අතර අධිකරණයෙන් ඇප ලබාදුන් පිරිස නිරෝධායනයට රැගෙනයාම සඳහා කොටුව පොලිසිය වෙත ගොස් එහි සිට බස් රථවලින් පස්සරට ගෙනයාමට විධිවිධාන යොදා තිබූ අතර එම අවස්ථාවේ මාධ්‍ය කාමරා ශිල්පීන් විශාල පිරිසක් රොක්වී ඔවුන් වීඩියෝගත කරමින් හැසිරීම සම්බන්ධයෙන් ඇප ලද පිරිස අතර සිටි පළාත් සභා මන්ත්‍රීවරිය ද විරෝධය පළ කළාය.

Related posts

පුෂ්පිකාව මෙහෙයවන්නේ අනියම් සම්බන්ධයක් තියෙන දේශපාලඥයෙක් ද?

Mohamed Dilsad

රජුන් තනන්නාගේ උපන් දිනය අදයි

Mohamed Dilsad

විදුලිය කැපීමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment