ක්‍රීඩා

ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 600 ක් ගත් පළමු වේග පන්දු යවන්නා වෙයි

(UTV | එංගලන්තය) – එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන 38 හැවිරිදි ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 600 ක් ලබාගත් පළමු වේග පන්දු යවන්නා බවට පත්විය.

ඇන්ඩර්සන් පාකිස්තානයට එරෙහි පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ පස්වන දිනයේදී අසාර් අලී ගේ කඩුල්ල දවා ගනිමින් මෙම සන්ධිස්ථානය පසුකර යෑමට සමත් විය.

ටෙස්ට් කඩුලු 600 ක් දවා ගැනීමේ ලොව වේගවත්ම පන්දු යවන්නා වීමේ අවස්ථාව ජේම්ස් ඇන්ඩර්සන්ට අහිමි වුයේ ඔහු මුත්තයියා මුරලිදරන්ගේ පිහිටුවා තිබූ වාර්තාවට පන්දු 06ක් වැඩියෙන් යොමු කොට තිබීම හේතුවෙන්ය.

Related posts

ශ්‍රී ලංකා – කොදෙව් තරඟයට වෙච්ච දේ

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

විරාත්ගේ නායකත්වයෙන් ඉන්දියාවේ තවත් ලෝක වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment