දේශීය

සරසවිවලට ඇතුළත් කරගන්නා සිසුන් 12,000 කින් වැඩි කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියට වාර්ෂිකව ඇතුළත් කරගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 12,000 කින් වැඩි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම්දී ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි.

මේ වනවිට විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගනු ලබන්නේ සිසු සිසුවියන් 31,000 ක පමණ පිරිසක් පමණක් බවත් ජනපති යෝජනාවත් සමඟ එය 43,000 දක්වා ඉහළ යනු ඇති බවත් පීරිස් මහතා ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

විශ්ව විද්‍යාල පද්ධතිය තුළින් දැනට බඳවා ගන්නා සිසු පිරිසට අමතරව තවත් 7000 ක පිරිසක් බඳවා ගතහැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව පවසා තිබුණත් ජනපති දැනුම් දී ඇත්තේ එය 12,000 ක් දක්වා වැඩිකරන ලෙස බවද හෙතෙම අවධාරණය කළේය.

උසස් පෙළ ඉහළින් සමත්ව විශ්ව විද්‍යාල වරම් අහිමිවන දරුවන්ට එම අවස්ථාව ලබාදීම රජයේ යුතුකම හා වගකීම බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ගෑස් මිල වැඩි නොකරන බවට අගමැතිගෙන් සහතිකයක් [RELEASE]

Mohamed Dilsad

දිරාපත් නොවන ප්ලාස්ටික් වර්ග කිහිපයක් තහනම් කරයි

Mohamed Dilsad

අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ රොහන්ත අබේසූරිය පත් කිරීමේ යෝජනාවක්

Editor O

Leave a Comment