දේශීය

කැෆේ සංවිධානයෙන් ප්‍රකාශනයක්

(UTV | කොළඹ ) – පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය පවසයි.

මැතිවරණයෙන් පසු ගෙවුණු සතිය පුරා කළ නිරීක්ෂණවලින් පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව නිරීක්ෂණය කළ හැකිවූ බවඑම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් පෙන්වා දෙයි.

පශ්චාත් මැතිවරණ සමය තුළ කැෆේ සංවිධානයට පැමිණිලි 39ක් ලැබී ඇති බවත් ඒවා එතරම් බරපතළ සිදුවීම් නොවන බවත්කැෆේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ අතරින් බහුතරය වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති නොතකමින් නීතිවිරෝධී ලෙස රථ පෙළපාලිවල නිරතවීම ආදී කරුණු බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

සිවිල් සංවිධාන දියත් කළ වැඩසටහන් මෙන්ම මැතිවරණ නීතිය ඉතා හොඳින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවර පශ්චාත්මැතිවරණය සමය සාමකාමී වූ බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි

Related posts

පළාත් සංචරණ සීමා 21 දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ

Mohamed Dilsad

IMF නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද

Mohamed Dilsad

වස විස නොමැති ආහාර වලට ඇති ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා කාබනික ගොවිතැන ව්‍යාප්ත වේ

Mohamed Dilsad

Leave a Comment