දේශීය

නීතිපතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් හමුවෙයි

(UTV| කොළඹ) – නීතිපති දප්පුල ද ලිවේරා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙයි.

ඒ, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදියි.

මෙම සාකච්ඡාව සඳහා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ද පැමිණි අතර, නීතිපතිවරයා පෙරවරු 10.30 ට පමණ අදාළ සාකච්ඡාව සඳහා සහභාගී වූ බව වාර්තා විය.

මෙම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන් සඳහා අවස්ථාව හිමිවූයේ නැත.

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් 12 දෙනෙකු ඊයේ (02) අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන් ලබන 08 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

Related posts

රට ඉදිරියට ගෙනයාමට විද්වතුන්ගේ සහාය අවශ්‍යයයි – ජනාධිපති

Editor O

ලුණු කිලෝවකින් රුපියල් 100ක් යන්නේ පැළවත්තේ පක්ෂ අරමුදල ට ද…?

Editor O

නව කැබිනට් අමාත්‍යවරුන් රැසක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment