දේශීය

ගිනි අවියක් රැගෙන පලා ගිය පොලිස් නිලධාරියා සොයන්න කණ්ඩායම් 10ක්

(UTV |රත්නපුරය) – රාජකාරී ගිනි අවිය සමඟ පළා ගොස් මේ  වන විට සැඟව සිටින රත්නපුර, කුරුවිට පොලිස් ස්ථානයේ සැරයන්වරයා සොයා පරීක්‍ෂණ ඇරඹේ.

පොලිසිය පැවසුවේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 10ක් පත් කර ඇති බවයි.

පසුගිය මස 29 වන දා මෙම පොලිස් සැරයන්වරයා සිරිපාගම ප්‍රදේශයේ රාජකාරියේ නිරත වූ අවස්ථාවේදී ගිනි අවියත් සමඟ පළා ගොස් තිබුණි.

එලෙස පළා ගිය පොලිස් සැරයන්වරයා කුරුණෑගල ප්‍රදේශයේ ඔහුගේ ඥාති නිවෙස් කිහිපයකට ගොස් ගිනි අවිය පෙන්වා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට 9 දෙනෙකු ඝාතනය කිරීමට අවශ්‍ය බවයි.

එම 9 දෙනා අතර කුරුවිට පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ද සිටින බව ඔහු ඥාතීන්ට ප්‍රකාශ කර තිබේ.

දැනට එම පොලිස් සැරයන්වරයා පළා ගොස් දින 12ක් ගත වුවත් තවමත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැත.

Related posts

මහනුවර නගරයේ පාසැල් ආරම්භය සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Gmail පරිශීලකයන්ට විශේෂ පහසුකමක්

Editor O

මැතිවරණ කොමිසමේ තවත් තීරණයක්

Mohamed Dilsad

Leave a Comment