Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

Gmail පරිශීලකයන්ට විශේෂ පහසුකමක්

Gmail ලිපිනයේ නම වෙනස්කිරීමේ අවස්ථාව පරිශීලකයන්ට ලබාදීමට Google සමාගම සූදානමින් වේ.

ඒ අනුව දැනට භාවිතාකරන email ලිපිනයට බලපෑමක් නොවන ලෙස පරිශීලකයාට එහි අවශ්‍ය නාමය වෙනස්කිරීමට අවස්ථාව මෙමගින් උදා වනු ඇත.

පවත්නා ගිණුමේ තොරතුරු වෙනස් කිරීමකින් තොරව නව Gmail පරිශීලක නාමය ඔබට තෝරාගත හැකිය.

කෙසේ නමුත් ‘@gmail.com’ සමග අවසන් වන විද්‍යුත් තැපැල් ලිපිනයක් භාවිතා කරන ලිපියනයන් සඳහා පමණක් මෙය අදාළ වේ.

ඒ අනුව custom domains, කාර්යාල සහ පාසල් ලිපිනයන් සඳහා භාවිතා කරන ලිපියන්ගේ නාමයන් මේ යටතේ වෙනස්කිරීමට හැකියාවක් නොලැබේ.

නව විද්‍යුත් ලිපිනයද @gmail.com ලෙස අවසන් විය යුතුය.

නව ක්‍රමයේ අනිසි භාවිතය වැළැක්වීම වෙනුවෙන් ඔවුන් සීමාවන් පනවා තිබේ.

එක් @gmail පරිශීලක නාමයක් එක් වරක් වෙනස් කිරීමෙන් පසු නැවත වෙනසක් කිරීමට හැකිවන්නේ මාස 12කට පසුවය.

අවශ්‍ය නම් මේ කාලසීමාවේ පෙර ලිපිනයට ආපසු යාමට පමණක් හැකියාව ලැබේ.

Related posts

බිත්තර පාලන මිලෙන් ගිලිහෙයි

Mohamed Dilsad

Foreign Sec. calls for regaining of Sri Lanka’s economic prominence in Egypt

Mohamed Dilsad

Dedicating Sundays for Daham Pasal education has become a necessity – President

Mohamed Dilsad

Leave a Comment