දේශීය

කැෆේ සංවිධානයෙන් ප්‍රකාශනයක්

(UTV | කොළඹ ) – පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය පවසයි.

මැතිවරණයෙන් පසු ගෙවුණු සතිය පුරා කළ නිරීක්ෂණවලින් පශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව නිරීක්ෂණය කළ හැකිවූ බවඑම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් පෙන්වා දෙයි.

පශ්චාත් මැතිවරණ සමය තුළ කැෆේ සංවිධානයට පැමිණිලි 39ක් ලැබී ඇති බවත් ඒවා එතරම් බරපතළ සිදුවීම් නොවන බවත්කැෆේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ අතරින් බහුතරය වාර්තා වී ඇත්තේ මැතිවරණ නීති නොතකමින් නීතිවිරෝධී ලෙස රථ පෙළපාලිවල නිරතවීම ආදී කරුණු බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පැවසීය.

සිවිල් සංවිධාන දියත් කළ වැඩසටහන් මෙන්ම මැතිවරණ නීතිය ඉතා හොඳින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙවර පශ්චාත්මැතිවරණය සමය සාමකාමී වූ බව කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි

Related posts

IDH රෝහලේ කොරෝනා රෝගීන් හරි අඩකින් අඩුවෙයි

Mohamed Dilsad

තවත් නාවිකයින් 15 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment