දේශීය

විදුලි සංදේශ උපකරණ ගැන විශේෂ දැනුම් දීමක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ජනතාවට විශේෂ දැනුම් දීමක් කරයි.

ඒ එම කොමිසමේ ලියාපදිංචි කර ඇති සිම්පත් භාවිතයෙන් ක්‍රියාකරන විදුලි සන්දේශ උපකරණ පමණක් මිලදී ගන්නා ලෙසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක කියා සිටියේ වංචනික ක්‍රියාවලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සදහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළයුතු බවයි.

මේ අතර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකළ විදුලි සංදේශ උපකරණ දුරකථන ජාලාවලට සම්බන්ධ කිරීම ඉදිරියේදී අත්හිටුවීමට නියමිත බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Related posts

කෝටි 6 කට ආසන්න මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාව ගැන තොරතුරු හෙළි වෙයි

Mohamed Dilsad

නිරෝධායන නීති නොපිළිපැදි 300 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභානායක වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment