දේශීය

කෝටි 6 කට ආසන්න මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාව ගැන තොරතුරු හෙළි වෙයි

(UTV |කොළඹ) –  රුපියල් 5 කෝටි 90 ලක්ෂයක මුදල් සහ හෙරොයින් ග්‍රෑම් 300ක් සමඟ ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින 37 හැවිරිදි කාන්තාවගේ තොරතුරු හෙළි වෙයි.

ඇය මිය ගොස් සිටින පාතාල කල්ලි නායක සොත්ති උපාලිගේ දියණිය බවට හෙළි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

පොලිස් මූලස්ථානයේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේය.

ඒ වගේම කෝටි 6කට ආසන්න එම මුදල සමග මේ ජාවාරම මෙහෙයවනු ලබන්නේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට ඩුබායි රාජ්‍යයේ සිටින බවට විශ්වාස කරන පුද්ගලයෙකු බවට විශ්වාස කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ජනවාරි 1 වන දා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍යවල මුළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 1605ක් පමණ වන බවද ඔහු පැවසීය.

Related posts

හම්බන්තොට ලුණු ලේවායෙන් පසුගිය මාස හයේ ලුණු කැටයක්වත් නිෂ්පාදනය කර නැහැ.

Editor O

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වර්ජනය කිරීමට විපක්ෂය තීරණය කරයි…?

Editor O

රාජකුමාරිගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment