හම්බන්තොට මහ ලේවායේ ලුණු නිෂ්පාදනය පසුගිය මාස හයක පමණ කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව වාර්තා වේ. දිස්ත්‍රික්කයට බලපා ඇති අඛණ්ඩ වැසි සහිත කාලගුණික තත්ත්වය මෙයට ප්‍රධාන හේතුව බව බලධාරීහු පවසති.
සාමාන්‍යයෙන් ලුණු කඳු ගොඩ ගැසී තිබෙනු දැකගත හැකි හම්බන්තොට – කතරගම ප්‍රධාන මාර්ගයේ පිහිටි මහ ලේවාය, දැනට ජලයෙන් පිරී ඇති පාළු බිමක් බවට පත්ව තිබේ. මාස හයක් තිස්සේ එක ලුණු කැටයක්වත් නිෂ්පාදනය කර නොමැති අතර, මෙම තත්ත්වය මෑතකාලීනව රටේ පැවති ලුණු හිඟයටද දැඩි ලෙස බලපා ඇති බව සඳහන් වේ.
මෙම තත්ත්වය පිළිබඳව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දන තිලක් මහතාගෙන් විමසූ විට, හම්බන්තොට දිස්ත්‍රික්කයට පවතින අඛණ්ඩ වැසි සහිත කාලගුණ තත්ත්වය මහ ලේවායේ ලුණු නිෂ්පාදනයට බාධා වී ඇති බව ඔහු තහවුරු කළේය.
රට වටේ මුහුද තිබූ පමණින් ලුණු නිෂ්පාදනය කළ නොහැකි බවත්, ඒ සඳහා නිසි කාලගුණික තත්ත්වය අත්‍යවශ්‍ය බවත්, එය ලුණු නිෂ්පාදනයට සෘජුවම බලපාන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය
