Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවට කරන්න යන දේ…

2025 වර්ෂය සඳහා වන අයවැය කථාවෙහි යෝජිත පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පහත සඳහන් පරිදි යෝජිත විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

  • වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් 2025-07-01 දින සිට 2025-12-31 දින දක්වා වන කාලසීමාව තුළ විවෘත කරනු ලබන ස්ථාවර තැන්පතු සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.
  • ස්ථාවර තැන්පතුවේ කාල සීමාව මාස 12ක් (වර්ෂයක්) වන අතර, උපරිම තැන්පතු වටිනාකම රුපියල් මිලියනයක් වීම.
  • සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට (AWFDR) අමතර වාර්ෂික 3%ක් එකතු කර ලැබෙන අගය හෝ අදාළ බැංකුවේ ප්‍රකාශිත ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට 3%ක් එකතු කර ලැබෙන අගය හෝ යන දෙකෙන් ඉහළ පොලි අනුපාතය ගෙවීම.
  • සමස්ත වැඩසටහන සඳහා පොලී සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 30ක ප්‍රතිපාදන වෙන් කිරීම.

වැනි කරුණු එම යෝජනාවලියෙහි සඳහන් වේ.

Related posts

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Bangladesh looking to catch SL off guard in 1st test

Mohamed Dilsad

ටෙලිකොම් සේවකයින්ගෙන් දැඩි තීරණයක්

Mohamed Dilsad

Leave a Comment