දේශීය

රාජකුමාරිගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ බව කියන රාජන් රාජකුමාරි නමැති මෙහෙකාර කාන්තාවගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

 

මෙම නියෝගය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුළුවල මහතා විසින් ලබාදුන්නේ මියගිය කාන්තාවගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේ තීන්දුව ලබාදෙමිනි.

 

මොට ආයුධයකින් හෝ ඒ හා සමාන බලයකින් පහරදීම හේතුවෙන් මරණකාරියගේ මාංශපේෂිවලට ඇතිවූ හානිය මත ශරීරය තුළට රුධිරය වහනයවීමෙන් සහ කම්පනයකින් මෙම තැනැත්තියගේ මරණය සිදුවී ඇති බව අධිකරණය

නිගමනය කරන බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කරයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Related posts

පැරණි ක්‍රමයට හෝ පළාත් සභා මැතිවරණය පවත්වන්න – උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු

Editor O

විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

මෙරට ජාතික පාසල් ගණන 1000 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment