ගොසිප්

මන්ත්‍රී ධුරය නිසා දෙමළ ජාතික සන්ධානයත් බෙදෙයි

(UTV |යාපනය)  – ජාතික ලැයිස්තු ආසනයට තවරාසා කලෙයිඅරසන්ට  ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ, එම තීරණයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ විරෝධය පළ කර තිබේ.

ඒ ඊයේ(09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්ලොට් නායක සිද්ධාර්තන් මහතා විසිනි.

එහිදී ඔහු චෝදනා කළේ, දෙමළ ජාතික සන්ධානයට ලබා ගත හැකි ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධුරය සඳහා පත් කෙරෙන නියෝජිතයා අත්තනෝමතික ලෙස තෝරා පත් කර ගෙන ඇති බවටයි.

ජාතික ලැයිස්තු ආසනයක් තෝරා ගැනීමේ තීරණය TNA  නායක මාවෙයි සේනාධිරාජා සහ ඔහුගේ හවුල්කාර පක්ෂ වන ප්ලොට් සහ රෙලෝ වෙත දැනුම් නොදුන් බවටද චෝදනාවක් ඇත.

“මෙම තීරණය සමස්ත දෙමළ ජාතික සන්ධානයේ තීරණයක් නොවේ. අප වෙත දැනුම් නොදී ගත් එම තීරණයකට එරෙහිව දැඩි පියවර ගන්න බව” ප්ලොට් නායක සිද්ධාර්තන් අවධාරණය කරයි.

Related posts

ආදරවන්තයින්ට පොලිසියෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

දෝනිගේ උපන්දිනය සැමරූ යාපනයේ තරුණ පිරිස [PHOTOS]

Mohamed Dilsad

වත්මන් දේශපාලනයේ සිටින නායකයන් විශ්‍රාම යා යුතුයි – චන්ද්‍රිකා

Mohamed Dilsad

Leave a Comment