ගොසිප්

මන්ත්‍රී ධුරය නිසා දෙමළ ජාතික සන්ධානයත් බෙදෙයි

(UTV |යාපනය)  – ජාතික ලැයිස්තු ආසනයට තවරාසා කලෙයිඅරසන්ට  ලබා දෙන බව දෙමළ ජාතික සන්ධානය නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟ, එම තීරණයට එරෙහිව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ විරෝධය පළ කර තිබේ.

ඒ ඊයේ(09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්ලොට් නායක සිද්ධාර්තන් මහතා විසිනි.

එහිදී ඔහු චෝදනා කළේ, දෙමළ ජාතික සන්ධානයට ලබා ගත හැකි ජාතික ලැයිස්තු මන්ත්‍රී  ධුරය සඳහා පත් කෙරෙන නියෝජිතයා අත්තනෝමතික ලෙස තෝරා පත් කර ගෙන ඇති බවටයි.

ජාතික ලැයිස්තු ආසනයක් තෝරා ගැනීමේ තීරණය TNA  නායක මාවෙයි සේනාධිරාජා සහ ඔහුගේ හවුල්කාර පක්ෂ වන ප්ලොට් සහ රෙලෝ වෙත දැනුම් නොදුන් බවටද චෝදනාවක් ඇත.

“මෙම තීරණය සමස්ත දෙමළ ජාතික සන්ධානයේ තීරණයක් නොවේ. අප වෙත දැනුම් නොදී ගත් එම තීරණයකට එරෙහිව දැඩි පියවර ගන්න බව” ප්ලොට් නායක සිද්ධාර්තන් අවධාරණය කරයි.

Related posts

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අදයි..

Mohamed Dilsad

ගම්පහ 150ක් PCR පරීක්‍ෂණයට

Mohamed Dilsad

වහාම Lockdown කරන්න – WHO ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment