ක්‍රීඩා

කාන්තා එක්දින ලෝක කුසලානය තවත් වසරකින් කල් යයි

(UTV | කොළඹ) – මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ ICC කාන්තා එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරඟාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් අවලංගු කිරීමෙන් ලබන වසරට සැලසුම් කර ඇති කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලිය තවත් වසරකින් කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා දැනටමත් කණ්ඩායමත් 5 ක් සුදුසුකම් ලබා සිටින අතර, ඉතිරි කණ්ඩායම් 3 තෝරා ගැනීම සඳහා පසුගිය ජූලි මාසයේදී එම සුදුසුකම් ලැබීමේ තරඟාවලිය පැවැත්වීමට නියමිත විය.

ශ්‍රී ලංකාව සමඟ බංග්ලාදේශය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය, තායිලන්තය, සිම්බාබ්වේ, නෙදර්ලන්තය සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම් සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව තිබිණි.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මස නවසීලන්තයේ පැවැත්වීමට සැළසුම් කර තිබූ කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය 2022 වසරේ පෙබරවාරිය දක්වා කල් දැමීමට ICC ය තීරණය කළේය.

කෙසේ වෙතත් ඒ සඳහා පවත්වනු ලබන සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා මෙතෙක් දින නියම වී නැත.

Related posts

යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් ක්‍රීඩකයන්ට තවත් අවස්ථාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(06) ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී

Editor O

ආසියානු රග්බි තරගාවලිය ඔක්තෝබරයට කල් යයි

Mohamed Dilsad

Leave a Comment