ක්‍රීඩා

ආසියානු රග්බි තරගාවලිය ඔක්තෝබරයට කල් යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් ලබන අප්‍රේල් මස 29 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන පළමු කොටසේ රග්බි තරගාවලිය ‘කොරෝනා’ වෛරසය හේතුවෙන් උද්ගත වී ඇති අවදානම නිසා ලබන ඔක්තෝබර් මස දක්වා කල්දැමීමට ආසියානු රග්බි සංගමය තීරණය කර ඇත.

මෙම තරගාවලිය කොළඹදී ලබන අප්‍රේල් මස 29 සහ මැයි මස 2 වැනිදා යන දෙදින පැවැත්වීමට සැළසුම් කර තිබුණි.
මේ සඳහා සත්කාරක ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, පිලිපීනය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය යන රටවල් හතර සහභාගි වීමට නියමිතව තිබුණි.

Related posts

ඉන්දු – ශ්‍රී ලංකා තරගය අද

Mohamed Dilsad

නවසීලන්ත පළමු ඉනිමට ලකුණු 580ක්

Mohamed Dilsad

යසිත ද සිල්වා සහ හීරා ආෂික් ටෙනිස් කේවල අවසන් මහා තරගයට

Mohamed Dilsad

Leave a Comment