විදෙස්

චීනයට තවත් වෛරසයකින් බලපෑම්

(UTV |චීනය) – නව වෛරසයක් ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම වෛරසය හැන්ටා නමින් හදුන්වයි.

හැන්ටා වෛරස් පුල්මොනරි සින්ඩ්‍රෝම් නමැති මෙය ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව වැළඳෙන දුර්ලභ ගණයේ රෝගයක් බව වර්තාවේ.

විදෙස් වාර්තා පැවසුවේ එරට යුනාන් ප‍්‍රදේශයේ සිට ෂැන්යොන් ප‍්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

පුද්ගලයින් 32 දෙදෙනෙකු පමණ මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

හැන්ටා වෛරසය ආරම්භ වූයේ මීයන්ගෙන් බවයි පැවසෙන්නේ.

මළ, මුත්‍රා, රුධිරය සහ වාතය හරහා බෝවෙන මේ රෝගය මුලින්ම සොයාගනු ලැබුවේ කොරියානු යුධ සමයේදීය.

වකුගඩු අක්‍රිය වීම, පෙනහළු වලට දියර එකතුවීම වැනි රෝග ලක්ෂණ වලින් සමන්විත හැන්ටා වයිරසය ඇමරිකාවේ වසර 2012 දි යලි හිස එසවීමක් සිදුවූ බව වාර්තාවේ.

Related posts

ලෝක ප්‍රසිද්ධ Arrow, The Flash නළුවාටත් කොරෝනා

Mohamed Dilsad

ඩැමස්කස් අගනුවර යළි ගැටුම් උග්‍ර අතට

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

Editor O

Leave a Comment