විදෙස්

ඇෆ්ගන් නව රජයේ අභ්‍යන්තර ගැටුම්

(UTV | කාබුල්)- ඇෆ්ගනිස්ථානයේ නව රජය පිහිටුවීම සම්බන්ධයෙන් තලේබාන් සංවිධානයේ නායකයින් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

බී.බී.සී. ලෝක සේවය සඳහන් කළේ තලේබාන් සංවිධානයේ නිර්මාතෘ අබ්දුල් ඝානි හා කැබිනට් මණ්ඩල සාමාජිකයෙකු අතර බහින්බස් වීමක් සිදුව ඇති බවය.

ඇෆ්ගනිස්ථානයේ ජනපති මන්දිරයේදී එය සිදුව ඇතැයි තලේබාන් සංවිධානයේ උසස් නිලධාරියෙකු බී.බී.සී.යට පවසා තිබේ.

අබ්දුල් ඝානි දිගු කලක් මහජනතාව හමුවේ පෙනී නොසිටි අතර, එම කාලයේද තලේබාන් නායකයින්ගේ එකඟ නොවීම් පිළිබඳ මතභේදකාරී සිදුවීම් වාර්තා විය .කෙසේවෙතත් තලේබාන් සංවිධානය මෙම සිඳුවීම නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගියදා ඔවුන්ගේ නව අන්තර්වාර කැබිනට් මණ්ඩලය පත් කෙරුණු අතර එහි සියලු සාමාජිකයින් පිරිමි පුද්ගලයින් වේ.

Related posts

බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 ඉක්මවයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 15 ක් මරුට

Mohamed Dilsad

හොංකොං විරෝධතා වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment