දේශීය

ෆේස්බුක් සාදයක සිටි 17 හැවිරිදි ගැබිනියක් ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුව

(UTV | කොළඹ ) – ඊයේ (09) මිල්ලනිය , බැල්ලන්තුඩාව ප්‍රදේශයේ ෆේස්බුක් හරහා සංවිධානය කළ සාදයකදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරියන් 5 දෙනෙකු ඇතුළු තරුණයන් 20 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සාදයේදී හෙරොයින්, ගංජා සහ මත්ද්‍රව්‍ය පෙති බෙදා හරින බවට තොරතුරු ලැබීමෙන් පසු මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අතර අවුරුදු 60, 17, 18, 19, 20, 23 හා 32 යන වයස්වල පසුවන බණ්ඩාරගම, මැල්ලමුල්ල, දෙහිවල, පානදුර, දොඩංගොඩ, වැල්ලන්තුඩාව, යටියන, කඩුවෙල, බොරලැස්ගමුව හා හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සාදයට සහභාගීවුවන් අතර, 17 හැවිරිදි ගැබිනි කාන්තාවක් හා ආබාධිත පුද්ගලයෙක් ද වෙන බව වාර්තා වේ.

මෙම සාදය පැවැත් වීමට සඳහා රුපියල් 5000ක ඇතුළත් වීමේ ගාස්තුවක් ද අය කර ගෙන ඇතැයි තොරතුරු වාර්තා වී තිබේ.

සැකකරුවන් සහ සැකකාරියන් අද (10) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

මිල්ලනිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් සතියක් වසයි

Mohamed Dilsad

ජනපති සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් හෙට

Mohamed Dilsad

Leave a Comment