ගොසිප්

ආදරවන්තයින්ට පොලිසියෙන් දැනුම් දීමක්

(UTV| කොළඹ) – පෙබරවාරි 14 වෙනිදා ‘ආදරවන්තයින් ගේ දිනය’ ඉලක්ක කර ගනිමින් විවිධ පුද්ගලයින් සහ සංවිධාන විසින් මුල්‍ය වංචා සිදුකිරීමේ හැකියාවක් තිබෙන බැවින් එවැනි කරුණු සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මෙරට තරුණ පරපුරෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

ආදරවන්තයින් ගේ දිනය නිමිතත්තෙන් පවත්වනු ලබන සාද සඳහා සහභාගිවන ලෙසට අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් සිදුකරන ලෙසට දන්වමින් සහ විවිධ සාද සංවිධානය කර ඇති බවට දන්වමින් ක්‍රෙඩිට් කාඩ් හරහා මුදල් අයකර ගැනීම් හරහා මෙම වංචාව සිදුකිරීමට ඇතැම් පුද්ගලයින් පෙළඹී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

එමෙන්ම තමන්ගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය විසින් ත්‍යාගයක් ඒවා ඇති බව පවසමින් එය ගෙනවිත් භාරදීමට සඳහා මුදල් තැන්පත් කරන ලෙසට දන්වමින් තවත් පිරිසක් මූල්‍ය වංචාවන් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවත් මෙවැනි කරුණු වලට නොරැවටෙන ලෙසත් දැනුම් දෙයි.

පවතින සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිල්ලට ගනිමින් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් උත්සව සංවිධාන කිරීමට අවසර නොදෙන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ සම්බන්ධයෙන් දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද ප්‍රකාශ කර සිටියේය.

 

Related posts

සජිත් කොරෝනා වලටත් අභියෝග කරයි

Mohamed Dilsad

බූස්ස රඳවා සිටින දරුණු ගණයේ අපරාධකරුවන්ගේ අලුත්ම මෙහෙයුම

Mohamed Dilsad

අජිත් බලාපොරොත්තු නොවු කරදරයක

Mohamed Dilsad

Leave a Comment