දේශීය

වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

(UTV |කොළඹ) – වර්ජනයේ නිරත වරාය සේවකයන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවලට අනුවය.

අද උදෑසන වීරකැටිය කාල්ටන් නිවසේ්දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාව සාර්ථක ලෙස අවසන් වූ බව වරාය වෘත්තිය සමිති ප්‍රකාශ සඳහන් කළේය

ඔවුන් මෙම සාකච්ඡාවට එළඹුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹ සිටියදිය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදී එය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරණ ලෙසට ඉල්ලමින් වරාය වෘත්තිය සමිති 23ක් එක්ව සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

මේ හේතුවෙන් කොළඹ වරායේ සියලූ මෙහෙයුම් කටයුතු අඩාල වී තිබුණි.

Related posts

අගමැති තිරුපති යයි

Mohamed Dilsad

හයේ පොතේ ගැටළුව ගැන එළිදරව් කළ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

Editor O

ඩුබායි රටේ තියෙනවා යැයි කියන ඩොලර් මිලියන දහසේ බැංකු ගිණුම කාගේද ?

Editor O

Leave a Comment