දේශීය

ඡන්ද පෙට්ටිවල ආරක්ෂාවට දේශපාලන පක්ෂ නියෝජිතයන්

(UTV |කොළඹ) –  පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දින රාත්‍රියේ ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන්ට අමතරව දේශපාලන පක්ෂ නියෝජිතයන්ටත් අවස්ථාව ලබාදී තිබේ.

මැතිවරණ කොමිසම තීරණය කර ඇත්තේ මැතිවරණ බල ප්‍රදේශයකට දෙදෙනෙකු බැගින් සෑම දේශපාලන පක්ෂයකටම ගණන් කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍රයේ සිය නියෝජිතයන් රඳවා තැබීමට අවස්ථාව හිමිවන බවයි.

එසේම ඡන්දදායකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව උපරිමව තහවුරු කර ඇති බවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේය.

Related posts

SJB තීරණයට එරහිව ඩයනා ගමගේ අධිකරණයට

Mohamed Dilsad

2020 සැමරීමට විශේෂ මුද්දරයක්

Mohamed Dilsad

පොලිස් සැරයන්වරයෙකු ඇතුලු අටදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment