දේශීය

පොලිස් සැරයන්වරයෙකු ඇතුලු අටදෙනෙකු අත්අඩංගුවට

(UTV |ගම්පහ) – පොලිස් සැරයන්වරයෙකු ඇතුලු සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසුගියදා පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගයෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත තවදුරටත් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කෙරෙන බවයි.

මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව පොල්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු පසුගිය 11 වනදා මෙලෙස අත්අඩංගුවට ගත්තේය.

මෙලෙස අත්අඩංගුවේ සිටියදී හදිසියේ අසනීප වූ ඔහු, පූගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රාගම රෝහලට මාරුකර යැවු අතර එහිදී මෙම පුද්ගලයා මියගොස් තිබූණි.

ඔහුගේ බිරිඳ පොලීසියට පැමිණිලි කර තිබුණේ තම සැමියාට අත්අඩංගුවට ගත් දින රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පහරදී තිබූ බවයි.

Related posts

QRවලින් හොරට ඉන්ධන ගන්න ජාවාරමක්

Mohamed Dilsad

රාගම පාසලක විදුහල්පතිනියක් අල්ලස් ගනිද්දී අල්ලයි

Editor O

බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 05 ක්

Mohamed Dilsad

Leave a Comment