දේශීය

QRවලින් හොරට ඉන්ධන ගන්න ජාවාරමක්

වෙනත් පුද්ගලයින්ගේ QR කේත ලබාගෙන ඉන්ධන ලබාගැනීමේ ජවාරමක් මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

 

එහි සභාපති කුමාර් රාජපක්ෂ මහතා සඳහන් කළේ එම නීතිවිරෝධී ක්‍රියාව සිදුකිරීමට සහාය නොවන ලෙස ඉන්ධන පිරවුම්හල්හිමියන්ගෙන් ඉල්ලා සිටින බවය.

 

මේ අතර අද (03) දිනයේ මෙන්ම ඉරිදා දිනයේ ද ඉන්ධන බෙදාහැරීම් කටයුතු අඛණ්ඩව සිදුකරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය බලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.

 

අතිකාල ගෙවීම් සීමා කිරීමේ තීරණයත් සමග ගතවූ මාස 04 තුළ ඉරිදා දිනවල සහ රජයේ නිවාඩු දිනවල ඉන්ධන නිකුත් කිරීම සිදුකර තිබුණි.

 

කෙසේවෙතත් ඉන්ධනහල් ආශ්‍රිතව නිර්මාණය වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලුම ඉන්ධනහල් වෙත හිඟයකින් තොරව ප්‍රමාණවත් ඉන්ධන තොග සැපයීම සඳහා අද සහ හෙට යන දෙදින තුළ ද ඉන්ධන බෙදාහැරීම් සිදුකරන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දී ඇත.

 

මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ඉන්ධනහල් විසින් ඉන්ධන ඇණවුම් සිදුනොකිරීම, අවම තොග පවත්වාගෙන නොයෑම, මිල සංශෝධනයත් සමඟ ඉන්ධන සඳහා ඉල්ලුම ඉහළ යාම හා ඉන්ධන කෝටාව ඉහළ දැමීම යන කරුණු හේතුවෙන් ඉන්ධනහල් ආශ්‍රිත ඉන්ධන හිඟයක් නිර්මාණය වූ බව කංචන විජේසේකර අමාත්‍යවරයා පෙන්වාදුනි.

Related posts

කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ වෙනම නීති රටේ ස්වෛරීභාවය තර්ජනයක් ​[වීඩියෝ]

Mohamed Dilsad

ඔන්ලයින් පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment