දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.

 

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ආණ්ඩුවේ වියදම මෙන්න

Editor O

දිවයිනම වසා දැමීමේ පුවත අසත්‍යයක් – නියෝජ්‍ය පොලිස්පති[RELEASE]

Mohamed Dilsad

අමාත්‍යංශ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල්ට දුන් සේවා දිගුව ඇමතිවරයා අවලංගු කරයි

Editor O

Leave a Comment