දේශීය

ගුරුවරියකගේ අත්බෑගය පාසල තුළදීම සොරකම් කරයි

හොරණ ප්‍රධාන පෙළේ පාසලක ගුරු විවේකාගාරය තුළ තිබූ ගුරුවරියකගේ අත්බෑගය කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.

 

එම අත්බෑගය තුළ රුපියල් 120,000ක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්, රුපියල් 7,000ක් පමණ වටිනා දුරකථනයක් මෙන්ම රුපියල් 6,000ක මුදලක් තිබුණු බව ගුරුවරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.

 

ඊයේ (11) ළමුන්ගේ දෙමාපියන් දෙමවුපියන් කැඳවා පාසලේ පිරිසිඳු කිරීමේ කටයුතු කර ඇති අතර එම කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා ගුරුවරිය 6 හා 7 ශ්‍රේණි සඳහා වෙන්කර ඇති ගුරු විවේකාගාරයේ මේසයක් මත සිය අත්බෑගය තබා පිටව ගොස් විනාඩි 50ක පමණ කාලයකින් අනතුරුව නැවත පැමිණ පැමිණ බලනවිට එය නොමැති බව දැක තිබූ බව පොලීසිය කීය.

 

පසුව අනෙකුත් ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් දැනුවත් කර බෑගය ගැන සොයාබැලුවත් එය හමුනොවූ බව ඇය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

සර්ව ජන බලය ජාතික ලැයිස්තු අපේක්ෂකයා නම් කරයි

Editor O

කොවිඩ් වලින් මියයන අය භූමදානය කරන බවට අසත්‍ය ප්‍රචාරයක්

Mohamed Dilsad

සරසවි සිසුවිය දූෂණය කළ තරුණයාට වසර 16ක සිරදඬුවමක්

Mohamed Dilsad

Leave a Comment