දේශීය

යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද සිට

ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

 

යූරියා පොහොර රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිනයේ දිවයිනට පැමිණියේය.

 

පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් රැගත් නෞකාවක් මෙලෙස දිවයිනට පැමිණි අතර මෙම යූරියා පොහොර අද දිනයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදාහරින බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

 

ඒ අනුව යූරියා පොහොර මිටියක් රුපියල් 5,000ට වඩා අඩුවෙන් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා සඳහන් කළේය.

 

මේ දිනවල පුද්ගලික අංශය මගින් යූරියා පොහොර මිටියක මිල ඉහළ දමා තිබුණද රජයක් ලෙස එහි මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

 

මේ අතර ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ගැටලුවකින් තොරව ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.

 

පසුගිය කාලසීමාවල ඉතා ඉහළ මිල ගණන් යටතේ පොහොර මිටියක් අලෙවි කිරීම සිදුකෙරුනු අතර රජය විසින් මේ වන විට සහනදායී මිලක් යටතේ පොහොර ලබා දීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

ප්‍රථම වරට මෙරට දෛනික PCR පරීක්ෂණ 5000 ඉක්මවයි

Mohamed Dilsad

වතු කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Mohamed Dilsad

රිෂාඩ් සහ සහෝදරයාගේ අත්අඩංගුවට ගැනීම් මනෝ ගනේෂන් හෙළා දකී

Mohamed Dilsad

Leave a Comment