දේශීය

වරාය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවයි

(UTV |කොළඹ) – වර්ජනයේ නිරත වරාය සේවකයන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවලට අනුවය.

අද උදෑසන වීරකැටිය කාල්ටන් නිවසේ්දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාව සාර්ථක ලෙස අවසන් වූ බව වරාය වෘත්තිය සමිති ප්‍රකාශ සඳහන් කළේය

ඔවුන් මෙම සාකච්ඡාවට එළඹුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹ සිටියදිය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදී එය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරණ ලෙසට ඉල්ලමින් වරාය වෘත්තිය සමිති 23ක් එක්ව සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

මේ හේතුවෙන් කොළඹ වරායේ සියලූ මෙහෙයුම් කටයුතු අඩාල වී තිබුණි.

Related posts

මහනුවර නගරයේ පාසැල් ආරම්භය සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

මැතිවරණ වියදම් වාර්තා බාරදීමට අපේක්ෂකයන්ට දින 21ක් : බාර නොදෙන අයට නඩු

Editor O

ඡන්දය භාවිතා කළ හැක්කේ නියමිත ඡන්ද මධ්‍යස්ථානයේ පමණයි – මැ.කො.ස විශේෂ දැනුම් දීමක්.

Editor O

Leave a Comment