Trending Newsඑසැන පුවත්දේශීය

ඩුබායි රටේ තියෙනවා යැයි කියන ඩොලර් මිලියන දහසේ බැංකු ගිණුම කාගේද ?

දේශපාලඥයෙකුගේ ඩොලර් මිලියන දහසක, ඩුබායි රාජ්‍යයේ පවත්වාගෙන යන ගිණුමක් තමන් දෑසින් දුටු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය. වරලත් ගණකාධිකාරිවරුන්ගේ 45 වන සමුළුවට සහභාගී වෙමින් ඇය එම තොරතුරු අනාවරණය කළාය. එම සමුළුව සඳහා හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුද ආරාධිතයන් ලෙස සහභාගී වූහ.

කෙසේ වෙතත් එම ගිණුමේ මුල් පිටපත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ බැවින් එකී දේශපාලඥයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.

ඒ පිළිබඳව අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ අදාළ දේශපාලඥයාගේ බැංකු ගිණුම් සම්බන්ද වාර්තාවක් ලබා ගැනීමට යහපාලන ආණ්ඩු කාලයේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍යයට පිටත්ව ගියත් කිසිදු ගිණුමක් ගැන තොරතුරක් සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වූ බවයි.

Related posts

රැඳවියන්ට අද විශේෂ ආහාර වේලක්

Mohamed Dilsad

சகல பௌத்த மத பீடங்களும் ஞானசார தேரருக்கு மன்னிப்பு கோரி கடிதம் கையளிப்பு

Mohamed Dilsad

Lewis Hamilton apologises for making “inappropriate” remark

Mohamed Dilsad

Leave a Comment