දේශීය

සති අන්ත දීර්ඝ නිවාඩුවට විශේෂ දුම්රිය කිහිපයක්

(UTV | කොළඹ ) – ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එළඹෙන සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් මගී ජනතාවගේ පහසුව පිණිස විශේෂ දුම්රිය වාර කිහිපයක් සැළසුම් කර තිබේ.

ජූලි 31 සහ අගෝස්තු 03 වනදා කොළඹ කොටුවේ සිට රාත්‍රී 07.35 ට ගමන් ආරම්භ කරන දුම්රිය අලුයම 01.33 ට නානුඔය ට ළඟා වේ.

අගෝස්තු 01,04 වනදා පෙරවරු 08.10 ට නානුඔයෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 02.49 ට කොළඹ කොටුවට ළගාවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජූලි 31 , අගෝස්තු 02 හා අගෝස්තු 04 දිනවල කොළඹ කොටුවෙන් පස්වරු 6 ට ගමන් ආරම්භ කරන දුම්රිය අනුරාධුර දුම්රිය ස්ථානයට ළගාවන්නේ රාත්‍රී 10.30 ටයි.

අගෝස්තු 01 , 03 සහ 05 දිනවල අනුරාධපුරයෙන් අලුයම 03 ට ගමන් ආරම්භ කරන දුම්රිය පෙරවරු 7.46 ට කොළඹ කොටුවට ළඟා වේ.

අගෝස්තු 31 වනදා රාත්‍රී 07 ට මරදානේ සිට ගමන් ආරම්භ කරන දුම්රියක් රාත්‍රී 11 යි 23 ට බෙලිඅත්තට ළගා වනු ඇත.

අගෝස්තු පළමුවනදා බෙලිඅත්තෙන් පෙරවරු 6 යි 45 ට ගමන් ආරම්භ කරන දුම්රියක් පෙරවරු 10 යි 57 ට මරදානට ළගාවීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වේ.

Related posts

ලෝ පුරා කොරෝනා ආසාදිතයන් හයකෝටි හයලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

රජයේ ඖෂධවේදීන් සංකේත වැඩ වර්ජනයක

Mohamed Dilsad

මෛත්‍රීගේ හිටපු කාර්යමණ්ඩල ප්‍රධානියාගේ දඬුවම ස්ථීර කෙරේ

Mohamed Dilsad

Leave a Comment