දේශීය

මැතිවරණය සමයට අදාළ නිහඬ කාලය 02 දා මධ්‍යම රාත්‍රියේ සිට

(UTV | කොළඹ) – අගෝස්තු මස 05 දාට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිහඬකාලය අගෝස්තු 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව එම කාලයෙන් පසු සියලු දේශපාලන ප්‍රචාරණ කටයුතුවලින් ඈත්ව සිටීම අවශ්‍ය බවද එහි සඳහන් වෙයි.

කොවිඩ් 19 රෙගුලාසි යටතේ ලබාදුන් උපදෙස් පරිදි ඡන්ද පොළ තුළ සියලු ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන හෙයින් සියලුම ඡන්ද දායකයන් බිය නොවී සිය වටිනා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද පොළට පැමිණෙන ලෙස ඉල්ලා සිටින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related posts

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරයට කුෂානි රෝහණධීර

Mohamed Dilsad

අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කිරීමට නොහැකි මන්ත්‍රීවරු ඉල්ලා අස්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

බෝගම්බර බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment