දේශීය

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පොළි අනුපාතය පහතට

(UTV |කොළඹ) – ETF හෙවත් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුදල් සඳහා ගෙවන පොලිය පහත දමා තිබේ.

2018 වසරට සාපේක්ෂව 2019 වසර  සඳහා ගෙවනු ලබන පොලිය සියයට 8 දක්වා පහත දමා ඇත.

2018 වසරේ එය සියයට 9 ක්වූ අතර රජයේ පොලී අනුපාතිකයන්ගේ වෙනස්වීම මටත් මෙම පොලී අනුපාතය පහත දැමුණු බව එහි සභාපති ශ්‍රියාන් ද සිල්වා විජේරත්න සඳහන් කළේය.

මේ වන විට මෙරට සේවා නියුක්තිකයින් ලක්‍ෂ විසි පහක් පමණ මෙම අරමුදලේ සාමාජිකත්වය දරයි.

මෙම අරමුදලේ මේ වනවිට රුපියල් බිලියන 300ක පමණ මුදලක් තිබේ.

Related posts

කුරුණෑගල ප්‍රදේශ කිහිපයකට පැය විසි හතරක ජල කප්පාදුවක්

Mohamed Dilsad

තැපැල් සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඇරඹීමට සූදානමෙන්

Editor O

පීඩාවට පත් ජනතාවට සහන සලසන්න, විපක්ෂ නායක සජිත් පෙු්මදාස මහතා, ලෝක බැංකු නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක

Editor O

Leave a Comment