විදෙස්

මාලි රාජ්‍යයේ රිය අනතුරකින් පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට

(UTV | මාලි) –  මාලි රාජ්‍යයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 22 ක් මියගොස් තවත් 21 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

බස්රථයක් සහ ට‍්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම මාරාන්තික අනතුර සිදුවී ඇති බව එම වාර්තාවල දැක්වෙයි.

අධික වේගය සහ මාර්ග නීති කඩකිරිම අනතුරට හේතුව බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.

පසුගිය මාසයේ සිදුවූ තවත් රිය අනතුරකින් මාලි රාජ්‍යයේ විසි දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

Mohamed Dilsad

සූවස් ඇළේ සිරවී ඇති නැව නිදහස් කිරීමේ උත්සාහයන් අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment