කලාවිදෙස්

සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් අසාධ්‍ය තත්වයේ

(UTV |ඉන්දියාව) – ඉන්දියාවේ සුප්‍රකට ගායක එස්.පි. බාලසූබ්‍රමනියම් ගේ තත්ත්වය ආසාධ්‍ය තත්ත්වයේන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඒ ඔහු කොරෝනා රෝගයට ගොදුරු වීම හේතුවෙනි.

ඔහුගේ තත්ත්වය ඊයේ රාත්‍රියේ සිට අසාධ්‍ය බව වාර්තා වෙයි.

ඔහු ප්‍රතිකාර ලබන රෝහල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ වන විට ඔහු ජීවිතාරක්ෂක යන්ත්‍රයක ආධාරයෙන් ජීවත් වන බවයි.

ඉන්දියානු සිනමාවේ භාෂා 16 කින් ගීත 40,000 කට අධික සංඛ්‍යාවක් ගායනා කොට ඇති එස්.පී. බාලසූබ්‍රමනියම් අති දක්ෂ ගායකයෙකි.

Related posts

අප්‍රිකාවෙන් තවත් භයානක වෛරසයක්

Mohamed Dilsad

මගී ගුවන් යානයක් මුහුදට ගොඩ බස්වයි

Mohamed Dilsad

සම්මානනීය නිළියක් සිය දිවි නසාගනී

Mohamed Dilsad

Leave a Comment