විදෙස්

අප්‍රිකාවෙන් තවත් භයානක වෛරසයක්

(UTV |  අප්‍රිකාව) – අප්‍රිකානු මහද්වීපයෙන් තවත් මාරාන්තික වෛරස් රෝගයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ ඉබෝලා රෝගය ඇතිකරන මාබර්ග් වෛරස ආසාදිතයින් දෙදෙනෙක් ඝානාවෙන් හමුවී ඇති බවය.

එකම පවුලේ දෙදෙනෙක් එසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි.

ඔවුන් දෙදෙනා ප්‍රථිකාර ලබමින් සිටින අතරතුර රෝහලේදී මියගොස් ඇති බව සඳහන් විය.

සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ මේ වනවිට පුද්ගලයින් 98 දෙනෙක් පමණ නිරෝධායනය සඳහා යොමුකර ඇති බවය.

මාබර්ග් වෛරසය සඳහා මෙතෙක් ප්‍රථිකාරයක් සොයාගෙන නැති නමුත් වෛද්‍යවරුන් පවසන්නේ අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම මගින් ආසාදිතයාව බේරාගත හැකි බව වෛද්‍යවරු පවසති.

Related posts

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්වීමට සුදානම්

Mohamed Dilsad

නරේන්ද්‍ර මෝදි කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

”කොවිඩ් සුනාමියක්” ඇති වීමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment