විදෙස්

”කොවිඩ් සුනාමියක්” ඇති වීමේ අවදානමක්

(UTV | ජෙනීවා) – ඕමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද හේතුවෙන් ”කොවිඩ් සුනාමියක්” ඇති වීමේ අවදානමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

එම තත්ත්වය සෞඛ්‍ය පද්ධති මත මහත් පීඩනයක් ඇති කරනු ඇති බවට ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

“ඔමික්‍රොන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට සමගාමීව වඩාත් වේගයෙන් සම්ප්‍රේෂණය වන බැවින් එය සුනාමියකට මග පෑදීම ගැන මම දැඩි කනස්සල්ලට පත්ව සිටිනවා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනොම් ගේබ්‍රියේසස් මාධ්‍ය හමුවකදී පවසා තිබේ.

ඔහු සඳහන් කර ඇත්තේ, සෞඛ්‍ය පද්ධති මත පීඩනය ඇති වන්නේ, නව රෝගීන් හේතුවෙන් පමණක් නොව සෞඛ්‍ය සේවකයින් විශාල සංඛ්‍යාවක් කොරෝනාවෛරසය ආසාදනය වී රෝගාතුර වීම හේතුවෙන් ද වන බව ය.

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් ප්‍රභේදයන් දෙක ම වෛරසය සම්බන්ධයෙන් මේ වන විට “නිවුන් තර්ජන” ඇති කර ඇතැයි එම සංවිධානය පවසා තිබේ.

මෙම ප්‍රභේද දෙකෙන් ම නව ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ මට්ටමකට ගෙන ගොස් ඇති අතර එය රෝහල්ගත වීම් සහ මරණ සංඛ්‍යාව ද ඉහළ යාමට හේතු වී ඇතැයි එම සංවිධානය සඳහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ, පසුගිය සතිය තුළ ගෝලීය වශයෙන් වාර්තා වන නව රෝගීන් සියයට 11 කින් ඉහළ ගොස් ඇති බව ය.

Related posts

ගෝලීය සරම්ප වසංගතයක් ගැන බියක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය වසා දැමෙන කාලය දිගු කරයි

Mohamed Dilsad

යේමන ගුවන් තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් 22 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment