විදෙස්

බ්‍රිතාන්‍ය වසා දැමෙන කාලය දිගු කරයි

(UTV |බ්‍රිතාන්‍යය) – කොරෝනා වසංගත තත්වය හමුවේ එංගලන්තය වසා දැමෙන කාලය පෙබරවාරි මාසයේ මැද භාගය දක්වා දීර්ඝ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ අනුව එහි සියලු පාසල් සහ විද්‍යාල අද සිට වසා තැබෙන බව අගමැති බොරිස් ජොන්සන් පවසයි.

එරටින් කොරෝනා  රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීම ඊට හේතුවයි.

මේ නිසා එළඹෙන සතිය ඉතා අවදානම් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

ගතවූ පැය 24 බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයන් 58,784 දෙනෙකු වාර්තාවීමත් සමඟ එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 27 ලක්ෂ 13,563 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව අටකෝටි 60 ලක්ෂ 78,700 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම ලොව පුරා මරණ ගණන 18 ලක්ෂ 59,756ක් ලෙස දැක්වේ.

Related posts

ස්පාඤ්ඤයට බලපෑ දූවිලි කුණාටුවෙන් ජනතාව පීඩාවට

Mohamed Dilsad

දකුණූ අප්‍රිකාවේ දේවස්ථානවල ආගමික වතාවත් පැවැත්වීමට අවසර

Mohamed Dilsad

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් ට ප්‍රහාරයක්

Editor O

Leave a Comment