විදෙස්

ගෝලීය සරම්ප වසංගතයක් ගැන බියක්

(UTV | කොළඹ) – ගෝලීය සරම්ප වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. ඊට හේතුව මේ වනවිටත් ලෝකයේ කලාප කීපයක සරම්ප වයිරස ව්‍යාප්තියක් දකින්න ලැබෙන බැවිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ගෝලීය වශයෙන් සරම්ප වසංගත තත්ත්වයක් නිර්මාණය වීමට හේතුව වී ඇත්තේ පසුගිය කාලයේ ‘කොවිඩ් 19’ වසංගතය මර්දනය කිරීමට ප්‍රමුඛත්වය ලබා දීමය.

‘කොවිඩ් 19’ වයිරසය මර්දනයට ලොව පුරා එන්නත්කරණ කටයුතු සිදුවූයේ ‘යුනිසෙෆ්’ හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ද සහාය ඇතිවය. එම එන්නත්කරණ කටයුතු හේතුවෙන් සරම්ප එන්නත්කරණය අඩපණ වූ බවත්, එය ලෝකයේ කලාප කීපයක සරම්ප ව්‍යාප්තියක් පෙන්නුම් කරන්න වූයේ ඒ අනුව බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර ඇත.

(රොයිටර්)

Related posts

බොරිස් ජොන්සන් දැඩි සත්කාරයෙන් ඉවතට

Mohamed Dilsad

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එක් මාත්‍රාවක් ප්‍රමාණවත් බව හෙළිවෙයි

Mohamed Dilsad

චීනයේ වෙන්සු නගරය වසා දමයි

Mohamed Dilsad

Leave a Comment