දේශීය

පාසල් විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව නවතී

(UTV | කොළඹ ) – පාසල් ආශ්‍රිතව සංවිධානය වන දින සැමරුම් සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇතැයි, අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එම පියවර ගත් බව එහි රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.

අදාළ ක්‍රියාකාරකම් දෙවන පාසල් වාරය තුළ සංවිධානයට කිසිදු අයුරකින් අවසර ලබා නොදෙන බව ද තෙවන පාසල් වාරයේදී ඊට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් යළි සලකා බලන බව ද ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර පාසල් ක්‍රීඩා කණ්ඩායම් සාමාජිකයින්ට පුහුණු වීම් සඳහා අවසර ලබා දී තිබේ.

අධ්‍යන කටයුතුවලට බාධාවක් නොවන පරිදි එම කටයුතු සැලසුම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේය.

Related posts

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 15දෙනෙකු නාවික හමුදා සෙබලුන්

Mohamed Dilsad

සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහා අවසර

Mohamed Dilsad

සජබ සහ එජාප එකතු කිරීමට ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් – හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු

Editor O

Leave a Comment