දේශීය

ජනාධිපති කොමිසමෙන් මාධ්‍ය ආයතන වලට නියෝගයක්

(UTV | කොළඹ) – මහ මැතිවරණ සමය අවසන් වන තෙක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබාදීමෙන් පසු, ඉන් පිටතට පැමිණෙන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම අත්හිටුවන ලෙස මාධ්‍ය ආයතන වෙත දැනුම් දීමක් සිදුකර ඇත.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විසින් මෙම නියෝගය දී ඇති බවට වාර්තා වෙයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පසුගිය දා ජනාධිපති කොමිසම වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළේ මැතිවරණ සමය අවසන් වන තෙක් සාක්ෂිකරුවන් විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ සිදුකිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ සලකා බලන ලෙසය.

Related posts

හෙට දිනයේ සියලුම ලංගම බස් සාමාන්‍ය පරිදි ධාවනය කෙරේ

Mohamed Dilsad

පර්පචුවල් ට්‍රෙෂරීස් ගිණුමකින් මුදල් මුදාහරින ලෙසට අධිකරණය දන්වයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment