Trending Newsඑසැන පුවත්දේශීය

සජබ සහ එජාප එකතු කිරීමට ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් – හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයට එක් වීමේ ගැටලුව තමන් නම් , තමන් පක්ෂයෙන් ඉවත් වීමට සූදානම් යැයි හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ අද (22) පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු මහතා එම අදහස් පළකළේය. .

හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ ද කීවේය. නුගේගොඩ ඊයේ (21) පැවති රැලියට වැඩි පිරිසක් පැමිණියේ පොහොට්ටු සාමාජිකයින් නිසා ඔවුන් වෙනුවෙන් තමන් “නාමල්ට රාජපක්ෂ මහතාට, “කුමාරයා” ලෙස ආමන්ත්‍රණය කළ බවද හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂය , ඉදිරි කාලයේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් රැස්වීම් 1000 ක් සංවිධානය කරන්න බලාපොරොත්තු වෙන බවත් එලඹෙ දෙසැම්බර 08 වැනිදා ඒ වෙනුවෙන් සිරිකොතේ පිරිත් සච්ඡායනාවක් පවත්වා අලුත් වැඩපිළිවෙල ආරම්භ කරන බවද හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

Related posts

කොළඹ වරායේ ඇති බහාලූම් මුදා හැරීමේ විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

அனிருத்தை நடிக்க அழைக்கும் சிவகார்த்திகேயன்

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment