Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය වසා දැමීම නිසා විකල්ප මාර්ග හඳුන්වා දෙයි

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ (22) සවස සොයා ගැනින.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඒ අනුව සිද්ධියෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව සිව් දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ ඊයේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ආපදාවටලක් වූ ප්‍රදේශය මේ වනවිට යථාතත්ත්වයට පත් කිරීමට අදාළ කටයුතු බෙරගල යුද හමුදාව මැදිහත්වීම මත සිදසිදුකරමින් තිබේ.

ඉදිරි පැය විසි හතරක කාලය තුළ මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශය වසා දැමීමට තීරණය කර ඇත්තේ එම පිළිසකර කටයුතු හේතුවෙන්.

ඒ සඳහා වන පහත විකල්ප මාර්ගයන් භාවිතා කරන ලෙසට රථවාහන පොලිසිය මගින් මහජනතාව වෙත දැනුම් දෙයි.

1. කොළඹ සිට කුරුණෑගල හරහා මහනුවර දක්වා

2. කොළඹ සිට කරඬුපන හරහා මහනුවර දක්වා

3. කොළඹ සිට මාවනැල්ල, හෙම්මාතගම ගම්පල හරහා මහනුවර දක්වා

4. කොළඹ සිට මාවනැල්ල ගනේතැන්න හන්දියෙන් කෝවිල් කන්ද හරහා පිළිමතලාව මහනුවර

හෙට (24) දින පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා මහනුවර ප්‍රදේශයට සහ කඩුගන්නාව ප්‍රදේශ වෙත යන දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් මාවනැල්ල සහ කඩුගන්නාව ඩිපෝ මගින් ආරක්ෂිතව සලසා දීමට ඉදිරියේදී අවශ්‍ය කටයුතු සලසන බවට දන්වා සිටී..

කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලා සිටින්නේ මෙම මුදා ගැනීමේ කටයුතු නැරඹීම සඳහා සාමාන්‍ය ජනතාව පැමිණීමෙන් වැළකී සිටින ලෙසයි.

Related posts

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 135ක් යාපනයෙන් හමුවෙයි.

Editor O

Seychelles not informed of moves to shift Sri Lankan Embassy

Mohamed Dilsad

‘ඩිසල් නැවට මුදල් ගෙවයි’ – බලශක්ති ඇමති

Mohamed Dilsad

Leave a Comment