දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV |කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 05.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව පැය 9ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.

මෙහිදී කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජලය සැපයීම සිදුවනු ඇත.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Related posts

නාවලපිටිය පැරණි දුම්රිය අංගනය ආසන්නයේ නිවසකට පස්කන්දක් කඩා වැඩී තිදෙනෙක් මියයයි

Editor O

පළාත් පාලන ඡන්දය කල් දැම්මේ ඇයි ?

Mohamed Dilsad

ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය පහළ ට

Editor O

Leave a Comment