දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV |කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (25) රාත්‍රී 08.00 සිට හෙට පෙරවරු 05.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව පැය 9ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවේ.

මෙහිදී කොළඹ 13, 14, 15 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජලය සැපයීම සිදුවනු ඇත.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Related posts

කරු ජයසූරියට ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය පිරිනැමේ

Mohamed Dilsad

බොරතෙල් මිල ඉහළම අගයකට

Mohamed Dilsad

ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂවරයෙකු වන සිඞ්නි චන්ද්‍රසේකර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment