දේශීය

කරු ජයසූරියට ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය පිරිනැමේ

එක්වරක් පමණක් පිරිනමන “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරිනැමීම අද (03) සිදුකර තිබේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මන්දිරයේ දී මීට සුළු මොහොතකට පෙර මෙම සම්මානය කරු ජයසූරිය මහතාට පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

 

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා මෙම “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිවිය.

 

එතුමා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබුණි.

 

 

Related posts

මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයන් 13,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

අපි සූදානම් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Mohamed Dilsad

ජනාධිපති අනුර නව අවුරුද්දට සුබපතයි – අගමැති අලුත් අවුරුද්දට සුබ පතයි

Editor O

Leave a Comment