දේශීය

කරු ජයසූරියට ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය පිරිනැමේ

එක්වරක් පමණක් පිරිනමන “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරිනැමීම අද (03) සිදුකර තිබේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මන්දිරයේ දී මීට සුළු මොහොතකට පෙර මෙම සම්මානය කරු ජයසූරිය මහතාට පිරිනැමූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

 

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා මෙම “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” කරු ජයසූරිය මහතාට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිවිය.

 

එතුමා විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබුණි.

 

 

Related posts

දේශබන්දු තෙන්නකෝන්ගේ නිවසේ තිබී හමුවූ දේවල් ගැන ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ කියයි.

Editor O

සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලා ලිපියක්

Mohamed Dilsad

රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Editor O

Leave a Comment