දේශීය

ලොකුම ලොතරැයි ජයග්‍රහණයක් කාන්තාවකට හිමිවෙයි

ලොතරැයියකින් ඩොලර් මිලියන 40ක මුදලක් දිනාගත් කාන්තාවක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

අදාළ පුවත වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාවෙනි.

 

එරට ජැක්පොට් ලොතරැයියකින් මෙලෙස දැවැන්ත මුදලක් දිනාගැනීමට සමත්ව ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවකි.

 

මේ අතර අදාළ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇයට ලැබුණු මුල් දැනුම්දීම ඇය විශ්වාස නොකළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

එහිදී ඇය පවසා ඇත්තේ මෙය වංචාවක් සිදුකිරීමට ලැබුණු ඇමතුමක් ලෙස සිතූ බවය.

 

සිය අනන්‍යතාව හෙළිකිරීමට අකමැති වූ එම කාන්තාව වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් එම ජයග්‍රාහී මුදලින් උකස් ණය ගෙවාදමන බවය.

 

එසේම සිය රැකියාවෙන් ඉවත් වී සිය පවුලේ සාමාජිකයින් සමඟ වැඩිකාලයක් ගතකිරීමට බලාපොරොත්තු වන බවද ඇය වැඩිදුරටත් පවසා තිබේ.

 

මෙම වසර තුළ මේ දක්වා කාලය තුළදී එරට ජයග්‍රහණය කර වැඩිම ජයමල්ල එය බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.

Related posts

සමගි ජන බලවේගයෙන් දේශපාලන පක්ෂවල⁣ට ආරාධනාවක්

Editor O

අලි විදුලි වැට සඳහා වැඩ වරදී | විදුලි බල මණ්ඩලයෙන් තීරණයක්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීම වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment