Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන බලවේගයෙන් දේශපාලන පක්ෂවල⁣ට ආරාධනාවක්

සමගි ජන බල­වේ­ගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කර ඇති වැඩ­පි­ළි­වෙළ සමඟ එකතු වීමට සෙසු දේශ­පා­ලන පක්ෂ­ව­ල­ටද ඉදි­රි­යේදී ආරා­ධ­නය කිරී­මට සූදා­නම් බවත්, කෙසේ වෙතත් දැනට එජා­පය සහ සජ­බය එක්ව කට­යුතු කරන බවත් සමගි ජන බල­වේ­ගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පව­සයි.

මේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කිරී­මේදී දේශ­පා­ලන පක්ෂ දෙකේ අන­න්‍ය­තාව ආරක්ෂා කර­ගැ­නී­මට කට­යුතු කරන බවත්, සමගි ජන බල­වේ­ගය එක්සත් ජාතික පක්ෂයේ සාමා­ජි­ක­ත්වය නොගන්නා බවත් ඔහු වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.

ආර්ථික සහ අනෙ­කුත් කරුණු සම්බ­න්ධ­යෙන් මත­වාදි වශ­යෙන් එජා­පය සහ සජ­බය සමාන ස්ථාව­ර­වල සිටි­මින් කට­යුතු කරන බවත් පෙන්වා දෙන මහ ලේක­ම්ව­රයා, මේ නිසා එකට කට­යුතු කිරී­මේදී ගැටලු මතු නොවන බවද සඳ­හන් කරයි.

මේ සම්බ­න්ධ­යෙන් අප විප­ක්ෂය නියෝ­ජ­නය කරන දේශ­පා­ලන පක්ෂ නියෝ­ජි­ත­යන් කිහි­ප­දෙ­න­කු­ගෙන් කළ විම­සී­ම්ව­ලදී ඔවුන් පැව­සුවේ මෙතෙක් ඒ පිළි­බඳ ආරා­ධ­න­යක් ලැබී නැති බවයි. එනිසා නිශ්චිත අද­හ­සක් පළ කළ නොහැකි බව සඳ­හන් කළ ඔවුන්, වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේ විප­ක්ෂය එකට එක් වීම අනි­වා­ර්යෙන්ම සිදු විය යුතු බවයි.

සිළුමිණ

Related posts

අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

සොයිසාපුර වෙඩි තැබීමේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Cyclone Idai hits Zimbabwe, at least 31 people dead

Mohamed Dilsad

Leave a Comment