දේශීය

අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

(UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද පෙරවරු 11 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙවර පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භයෙන් අනතුරුව පවත්වන පළමු කණ්ඩායම් රැස්වීම මෙය වන බැවින් ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කරුණු රැසක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කියා සිටියේ.

මෙම රැස්වීම සදහා විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානයක්කාර ඇමතිවරුන් ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන් සහභාගී වීමට නියමිත බව වාර්තාවේ.

Related posts

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගිය ගණන 1489 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

ඕමන්තෙයිදී බස් අනතුරින් මිය ගියේ වැල්ලවත්තේ පිරිසක් (UPDATE)

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල්, අගමැති දිනේෂ් ඇතුළු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව නීතිපති අධිකරණයට කියයි.

Editor O

Leave a Comment