Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරකයන්ට මුදල් ලැබුණ විදිය ගැන රවී සෙනෙවිරත්න කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­ර­යට පැමිණි ප්‍රහා­ර­ක­යන්ගේ එක් සැල­සු­මක් හෝ අසා­ර්ථක වුව හොත් ඔවුන්ට යෑමට ස්ථාන­යක් සහ එම ස්ථාන­යේදී සම්බන්ධ වන පුද්ග­ල­යකු පිළි­බඳ ප්‍රහා­ර­ක­යන්ට මූලික තොර­තුරු දී තිබූ බව විම­ර්ශන අංශ මඟින් අනා­ව­ර­ණය කර­ගෙන තිබේ

මේ පිළි­බඳ මුලින්ම කරුණු අනා­ව­ර­ණය වූයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහා­රය පිළි­බඳ විම­ර්ශ­නය කළ ජනා­ධි­පති කොමි­ස­මේ­දීය. එම කොමි­ස­මේදී සාක්ෂි දෙන අතර, අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සහ මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ වර්ත­මාන ලේකම් රවී සෙනෙ­වි­ර­ත්න­ගෙන් ප්‍රශ්න කර තිබුණේ ප්‍රහා­ර­ක­යන්ගේ යම් ඉල­ක්ක­යක් අසා­ර්ථක වුව හොත්, ඔවුන් කළ යුත්තේ කුම­ක්දැයි දැනුම් දී තිබුණු බවක් විම­ර්ශන මඟින් අනා­ව­ර­ණය වී තිබේද යනු­වෙනි. ඊට පිළි­තුරු දෙමින් ඔහු පවසා තිබුණේ එවැනි අසා­ර්ථක වීමක් සිදු වුව හොත්, නිශ්චිත ආර­ක්ෂක ස්ථාන­ය­කට පැමි­ණෙන ලෙස දැනුම් දී තිබූ බවට තොර­තුරු ඇති බවයි. ඉන් පසු නිශ්චිත පුද්ග­ල­යකු එම ස්ථාන­යට පැමි­ණෙන බවට දැනු­ම්වත් කර තිබු­ණේ­ යැ­යිද කොමි­ස­මේදී පවසා තිබූ හෙතෙම, කොළ­යක ලියා එම නිශ්චිත පුද්ග­ල­යාගේ නම කොමි­ස­මට දී තිබිණි.

රවී සෙනෙ­වි­රත්න පාස්කු ඉරිදා ප්‍රහා­රය පිළි­බඳ විම­ර්ශ­නය කළ ජනා­ධි­පති කොමි­ස­මට පිටු 163ක සාක්ෂි දී තිබේ. මේ සාක්ෂි විම­සීම අත­ර­තුර නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව වෙනු­වෙන් සාක්ෂි මෙහෙ­යවූ රජයේ නීතිඥ සංජීව දිසා­නා­යක ඔහු­ගෙන් ප්‍රශ්න කර තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහා­ර­ක­යන්ට අයි­එ­ස්අ­යි­එස් සංවි­ධා­න­යෙන් සහාය ලැබී ඇත්ද යනු­වෙනි. ඊට පිළි­තුරු දෙමින් රවී සෙනෙ­වි­රත්න පවසා තිබුණේ ප්‍රහා­ර­ක­යන් ගනු­දෙනු කළ බැංකු ගිණුම් 41ක් සම්බන්ධ තොර­තුරු ලැබී ඇති බවත්, එම බැංකු ගිණුම් සියල්ල ලංකාවේ ඒවා බවත්, ඒවාට මුදල් ලැබී ඇත්තේ ලංකා­වෙන්ම බවත්ය.

මේ අතර රජයේ නීති­ඥ­ව­රයා කොළ­යක නමක් ලියා රවී සෙනෙ­වි­ර­ත්නට දී විමසා තිබුණේ මේ නම සහ සහ­රාන් අතර සම්බ­න්ධ­යක් අනා­ව­ර­ණය වී ඇද්ද යනු­වෙනි. එහිදී සෙනෙ­වි­රත්න පිළි­තුරු දී තිබුණේ මෙවැනි කරු­ණක් වාර්තා වූ බවත්, එම නම අස­ල්වාසි රටක සංවි­ධා­න­ය­කට සම්බන්ධ බවක් පෙනු­ණත්, එය තහ­වුරු වී නැති බවත්ය.

2019 දෙසැ­ම්බර් 31 දා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති රවී සෙනෙ­වි­රත්න පොලිස් සේව­යෙන් විශ්‍රාම ලැබූ අතර, ඉන් පසු මේ කරුණු පිළි­බඳ විම­ර්ශන සිදු වුවද, ඒවා අත­ර­මග ඇන­හිට ඇත. ඊට හේතු වී ඇත්තේ 2019 නොවැ­ම්බ­ර­යේදී ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­පති ධුර­යට පත් වීමෙන් පසු, පාස්කු ඉරිදා ප්‍රහා­රය පිළි­බඳ විම­ර්ශන සිදු කළ එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර ප්‍රමුඛ සියලු විම­ර්ශ­ක­යන් වෙනත් රාජ­කාරි සඳහා යෙද­වී­මයි.

මේ වන විට යළිත් අදාළ විම­ර්ශන වේග­වත් කර ඇති අතර, එම විම­ර්ශ­න­ව­ලදී රවී සෙනෙ­වි­රත්න මහතා විසින් සිදු කළ ප්‍රකාශ සම්බ­න්ධ­යෙන් වැද­ගත් කරුණු රැසක්ද අනා­ව­ර­ණය වී ඇතැයි වාර්තා වේ. අදාළ ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් සැක­ක­රු­වන් 25 දෙන­කුට එරෙ­හිව එක් නඩු­වක් පම­ණක් දැනට විභාග වන අතර, ඊට අම­ත­රව වෙනත් කරුණු සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී තවත් නඩු කිහි­ප­යක් පැව­රී­මට නිය­මිත බවද වැඩි­දු­ර­ටත් හෙළි වේ. වාර්තා වන ආකා­ර­යට ඒ අතර එක් නඩු­වක් වන්නේ අදාළ තොර­තුරු පිළි­බඳ විම­ර්ශන හිතා­මතා ප්‍රමාද කිරී­ම­ටත්, වෙන­තක යැවී­ම­ටත් උත්සාහ කිරී­මක් පිළිබඳවයි.

උපුටා ගැනීම – සිළුමිණ

Related posts

Missouri’s last abortion clinic wins last-minute reprieve

Mohamed Dilsad

Naval, fishing communities cautioned as low pressure area likely to develop and move towards Sri Lanka

Mohamed Dilsad

දේශපාලන පක්ෂ හයකට අද මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment